විදුහල්පති පණිවිඩය
ඩබ්.එම්.ධම්මික බණ්ඩාර
ගලගෙදර මධ්‍ය විද්‍යාලීය දූ දරුවන්ගේ කුසලතා සමාජය හමුවේ තැබීම සදහා ඉතා වටිනා අවස්ථාවක් ලෙස අන්තර්ජාලය භාවිතා කර ආරම්භ කරන විද්‍යාලීය වෙබ් පිටුව සදහා පණිවිඩයක් ලබා දීමට ලැබීම පිළිබදව ප්වුද්ගලිකව මා සතුටු වෙමි ශ්‍රී ලාන්කීය අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට දරුවන් පෙල ගැස්වීම මෙන්ම සමාජීය වගකීම් හා වටිනාකම් ඉදිරියේ පාසල් දරුවන් තම ආකල්ප හා කුසලතා හා අනාගත තාක්ෂණික ලෝකයට මුසු කිරීමට අවස්ථා ලබා ගැනීම මෙම වෙබ් පිටු නිමාණය තුලින් අපගේ අපේක්ෂාව වේ. පාසල් සිසුන්ගේ සැගවුනු දක්ශතා එළි දක්වන මොහොතේ ඔවුන්ගේ දෙමාපියන්ට හා ප්‍රජාවට දැන ගැනීමට නොහැකි වන බැවින් මෙම වෙබ් පිටුව හරහා විද්‍යාලයේ දෙයිනික ක්‍රියාකාරකම් එළිදැක්වීම මෙමගින් අපේක්ෂා කෙරේ. ඊ තුළින් තම දරුවන්ගේ කුසලතා අගය කිරීමට මෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම වෙබ් පිටුව නරඹන සැමට හැකි වෙතැයි අපි අපේක්ෂා කරමු.
ඩබ්.එම්.ධම්මික බණ්ඩාර
විදුහල්පති
ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය.







